දූරදර්ශී නායකත්වය
ට්‍රිපොලි මාර්කට්' නමින් යටත් විජිත යුගයේ ඉදිකළ මරදාන දුම්රියපොළ ඉදිරිපිට වූ වෙළඳ සහ ගබඩා සංකීර්ණය 2011 වනවිට ගරාවැටුණු ගොඩනැගිලි සංකීර්ණයක් බවට පත්ව තිබූ බව නොරහසකි.
හිටපු ආරක්ෂක සහ නාගරික සංවර්ධන ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා "ශ්‍රී ලංකාව ආසියාවේ දැනුමේ කේන්ද්‍රස්ථානය" බවට පත් කිරීමේ පූර්ණ අභිලාෂය මත මෙම ගරාවැටුණු ට්‍රිපොලි මාර්කට් ගොඩනැගිලි සංකීර්ණයෙන් සිය රාජකාරිය අරඹන ලදි. නැවුම් සංකල්පයන් මත මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලද අතර එතුමාගේ ඍජු අධීක්ෂණයෙන් ශ්‍රීලංකා යුධ හමුදා සහ නාවික හමුදා සෙබලුන්ගේ ශ්‍රම දායකත්වයෙන් ප්‍රතිනිර්මාණය වුණි.
2014 ජූලි 28 වන දින Trace Expert City නමින් කර ජනතා අයිතියට පත් කරන ලද
මෙම ගොඩනැගිලි පරිශ්‍රය අදවන විට ලාංකේය ඉතිහාසයේ දැනුම මත පදනම් වූ ආර්ථික ක්‍රමවේදයට නව අරුතක් එක් කළ දැවැන්තම ව්‍යාපෘතිය බවට පත්ව ඇත.
නව තාක්ෂණය ඔස්සේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයන්හි මැදිහත්වීමෙන් නව සංකල්පයන් මත ගොඩනැගෙන නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීම තුළින් ගෝලීය ආර්ථිකය ජයගැනීමේ අඩිතාලම මෙම ව්‍යාපෘතිය ඔස්සේ සකසන කරන ලදි.
CodeGen ආයතනය මෙම ව්‍යාපෘතියේ පළමු කොටස්කාර ආයතනය ලෙස තම වැඩකටයුතු ආරම්භ කරන ලද අතර එවකට රජය ඔවුන්ව දිරිමත් කරන ලද්දේ බදු සහන ලබාදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඔවුන් වෙත ලබාදෙමිනි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානතම අරමුණ වූයේ දේශීය නිෂ්පාදනයන් ගෝලීය ආර්ථියකට මුහු කිරීමය.
ආචාර්යය හර්ෂ සුබසිංහයන්ගේ (වියත්මග සාමාජික) මෙහෙයවීම මත දේශීය ඉංජිනේරුවන්ගේ විශිෂ්ට වූ හැකියාවෙන් නිර්මාණය වූ තත්පර 3.15න් පැයට කිලෝමීටර 100ක වේගයක් ලබාගත හැකි "VEGA" මෝටර් රථයෙහි වැඩ නිමකොට ඇති අතර හෙට දවස වන විට ලෝකයට කළ එළිබැසීමට නියමිතය.
නමුත් කනගාටුවට කරුණ නම් 2015 යහපාලන රජය බලයට පත්වීමත් සමග Trace Expert City හි ඊලඟ අදියර පුද්ගලික මතභේදයන් මත නවතා දැමීමයි. එය ක්‍රියාත්මක වූවානම් අදවන විට "VEGA" වැනි මෝටර් රථ පමණක් නොව විශිෂ්ට වූ නිර්මාණයන් රාශියක් සමග ශ්‍රීලංකාව ලෝකය ඉදිරියේ තබනු නොඅනුමානය.
එබැවින් අප දේශයක් ලෙස නැගීසිටීමට නම් දැක්මක් ඇති දුර දකින නායකත්වයන් හඳුනාගත යුතු කාළය එළඹ ඇත. අප රටේ සිටින අති දක්ෂ නිපැයුම්කරුවන්, තාක්ෂණවේදීන්, ඉංජිනේරුවන්ගේ උපරිම ප්‍රයෝජන ගත හැක්කේ ඔවුන්ව අගය කරන ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නායකත්වයකට පමණි. එහි යථාර්ථය අද අප VEGA මෝටර් රථයේ ආගමනයෙන් ප්‍රායෝගිකව භුක්ති විඳිමින් සිටී. මෙය ගෝඨාභය රාජපක්ෂයන්ගේ හෝ හර්ෂ සුබසිංහයන්ගේ සිහිනයක් පමණක්ම නොව සමස්ථ ශ්‍රී ලාංකිකයින්ගේ සිහිනයක මල් ඵල ගැන්වීමකි.
අල්පෙනෙත්ත පවා ආනයනය කරන ජාතියක් ලෙස අප අපවම අවතක්සේරු කළ යුගය අවසන්. අවුරුදු 71ක් යනතුරු දේශපාලකයන් මේ රටට මොනවාද කළේ යන්න ප්‍රශ්න කරන්නන් හට පිළිතුරක් ලෙස 2005-2015 කාල වකවානුව තුළ නිවැරදි නායකත්වයන් තුළින් අප දේශයට දායාද වූ තවත් එක් විශිෂ්ට ව්‍යාපෘතියක අනභිභවනීය සම්ප්‍රාප්තිය මෙලෙස සනිටුහන් වනු ඇත.
Comments
Post a Comment