හිත තමා සේරටම මුළ
අරාබියේ වැඩ කරපු කාලේ මම දිනකට සිගරට් පැකට් එකක් බිව්වා, රෑ වැඩ විතරක් කරපු නිසා ටයිම් පාස් එකට සිගරට් එකක් බීම දෛනික චර්‍යාවේ කොටසක් වුනා, අපේ කම්පැනියේ සිගරට් බොන්න බාධාවක් නොතිබ්බ නිසාත් , මිළ අඩු නිසාත් , සිගරට් බීමට අපිටත් සීමා තිබුනේ නෑ , හැම එකාගෙම අතේ ලයිටරය සහ සිගරට් පැකට් එක තිබුනා, අරාබියෙන් රියාල් 6 ට පැකට් එකක් බීපු මම ලංකාවට ආවම ලොකු ප්‍රශ්නයකට මුහුණ දුන්නා, අවසානයේ සිගරට් නවතන්න තීරණය කළා, දැන් වසර 2ක් සිගරට් නවත්තලා , දවසට පැකට් එකක් බීපු මම ලංකාවෙදී කොහොමද නැවැත්තුවේ ? ඒක වැදගත් කතාවක් ,, සිගරට් නවත්තන්න බෑ කියන අයට මේ කතාව වැදගත් වෙයි..... ඉස්සෙල්ලම කියන්න ඕන ලංකාවේ විකුණන සිගරට් අරාබියේ ඒවට වඩා නිකොටින් සාන්ද්‍රණය වැඩියි , ආණ්ඩුව මිළ වැඩිකරන්න වැඩිකරන්න කම්පැනියත් මිනිස්සු අල්ලන්න අබ්බැහිකාරකය වැඩි කරනවා, එදා ඉදන් සිගරට් බීපු අය එදා එකෙයි අද එකෙයි වෙනස හොදට දන්නවා, ජෝන් අයියගේ විටමින් කූරේ ආතල් සාන්ද්‍රණය වැඩි බව තේරුම් ගන්න සිගරට් බොන අය වෙනසකටත් එක්ක කොට මොඩ්ල් එකක් ගහලා බලන්නකෝ , පැය 6ක් තුළ ජෝන් තුනක් බොන එකෙක්ට , කොට මොඩ්ල් එකක් පැය හයකටම සෑහේ , ඇ...