Apple සමාගම ගැන මෙතෙක් නොඇසුනු අපූරු කතා 10ක් !
හැබැයි අපි අද කතා කරන්න යන්නේ Apple සමාගම ගැන ඔබ නොදන්න දේවල් කිහිපයක් ගැනයි . මීට වසර 38 කට පෙර Steve Jobs ගේ නිවසේ ගරාජයෙන් ආරම්භ වුණු ඇපල් සමාගම අද වන විට තාක්ෂණික ලෝකයේ විතරක් නෙවෙයි මුළු ලොව පුරාම ප් රසිද්ධ , ඇමරිකානු ඩොලර් බිලියන 600 ක් වටිනාකමක් ඇති සමාගමක් . 1. තුන්වන ආරම්භක සාමාජිකයා අපි හැමෝම දන්නේ ඇපල් සමාගමේ ආරම්භක සාමාජිකයින් දෙදෙනා තමයි Steve Jobs හා Steve Wozniak. ඒත් මේ දෙන්නාටත් එක්ක තවත් කෙනෙකුට ඇපල් සමාගමේ හිමිකාරීත්වය හිමි වුනා . ඇපල් සමාගම 1976 දී ආරම්භ කිරීමෙන් පසු දවස් 12 කදී එම සමාගමෙන් ඉවත්ව ගිය ඔහු Ronald Wayne. ඔහු සතුව තිබූ සමාගමේ 10% ක කොටස් ප් රමාණය ඔහු විකුණා දැමූවේ $2300 ක මුදලකටයි . දැන් ඇපල් සමාගමේ වත්කම් එක්ක බලන විට ඔහු සතුවූ කොටස් වල වටිනා කම ඩොලර් බිලියන 60 ක් . රුපියල් වලින් නම් රුපියල් කෝටි 781 230 ක් . ඇඬෙනවා නේද ? 2. ඇපල් සමාගමේ ප් රථම නිර්මාණය පරිගණකයක් නෙවෙයි . ඇපල් සමාගමේ මුල්...